ටෞකන්න | Taukanna | Sinhala Instant Articles | Taukanna.com

Taukanna is Instant Articles About Life | Gossips | Health and technology Sinhala

කරවිල දියවැඩියාව නවතා පියයුරු පිළිකා සෛල නසන එළවළුවක්


ආසියාව තුල අති විශාල ඖෂධීය ඉතිහාසයක් ඇති එළවළුවක් තමයි කරවිල කියන්නේ. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී අධි රුධිර පීඩනය පාලනයට, සමේ ඇති වන ආසාදනයන්ට, ඔසප් වේදනා වලට, මැලේරියාවට, බඩ රුදාවට, වකුගඩු වල ගල් සුව කිරීමට, අධික කොලෙස්ටරෝල් මට්ටම පාලනයට, බඩ පෙරලවීමට, අර්ශස් රෝගයට සහ උන රෝග වැනි විවිධ රෝග සුවපත් කර ගන්නට කරවිල භාවිතා කරනු ලබනවා.

කරවිල සහ පියයුරු පිළිකා

Breast Cancer Ribbon

 

කරවිල සතුව “Alkaloids”, “Glycoside”, “Peptides”, “Cucurbitins”, “Charantin”, “Cucurbitacins”, “Momordine”, “Momorcharins” වැනි සංඝටක මෙන්ම අම්ල සහ ප්‍රෝටීනත් අන්තර්ගත වනවා.

කරවිල සහ පියයුරු පිළිකා

මෙවන් සංයෝග අතරින් රුධිරයේ අධික සීනි මට්ටම පහළ දැමීමට සමත් වන්නේ “Charantin”, “Cucurbutanoids”, “Charantin”, “Momordicin” සහ“Oleanolic” අම්ලයයි.

මෑතක දී සිදු කරන ලද විද්‍යාත්මක පරීක්ෂණයකින් කරවිල සතු පිළිකාව නැසීමේ හැකියාව ඇති “Hypoglycaemic” නමැති සංයෝගයක් සොයාගෙන තිබෙනවා.

කරවිල සහ දියවැඩියාව

කරවිල සහ පියයුරු පිළිකා

ඖෂධීය අධ්‍යයනයන් සිදු කරන ආයතන දෙකක් වන “Garvan” සහ “MateriaMedica” යන ආයතන දෙක එක්ව කරවිල මගින් දියවැඩියාව දෙවන අදියර නසන ආකාරයක් සොයාගෙන තිබෙනවා.

කරවිල සතු විවිධ රසායනික සංයෝගයන් මගින් සෛල මතුපිටට ග්ලූකෝස් ගෙන යාම දිරිමත් කරන “AMPK” ක්‍රියාත්මක කරනු ලබනවා.

 පියයුරු පිළිකා

මේ ආකාරයට සෛල මතට ග්ලූකෝස් වැඩි වශයෙන් එක්වීම මගින් රුධිර සංසරණ පද්ධතිය විසින් ග්ලූකෝස් ලබා ගැනීම වේගවත් කර ශරීරය පුරා ඇති මාංශ පේශී වැනි පටක වෙත බෙදාහැර රුධිරයේ අධික සීනි මට්ටම අඩු කරනු ලබනවා.

පියයුරු පිළිකා

දියවැඩියාව දෙවන අදියරෙන් පීඩා විදින රෝගීන් දිනකට කරවිල මිලිග්‍රෑම් 1000 – 2000 අතර ආහාරයට ගැනීම මගින් දියවැඩියා මට්ටම පහළ දමා ගත හැකි බව මෙම පර්යේෂකයන් විසින් “Ethnopharmacology” සඟරාවට කරුණු දක්වා තිබෙනවා.

කරවිල සහ පියයුරු පිළිකා

කරවිල සහ පියයුරු පිළිකා

කරවිල යුෂ මගින් පියයුරු පිළිකා සෛල විනාශ කර නැවත වර්ධනය වීම වළක්වන සංඥා නිකුත් කරන බව “Saint Louis” සරසවිය විසින් සිදු කරන ලද එක්තරා අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා.

ඔබ සාමාන්‍ය ආකාරයට කරවිල ආහාරය ගන්න. ඔබට හැකිනම් කරවිල අමුවෙන් වුවත් ආහාරයට ගන්නට පුළුවන්. ඒ වගේම, ඔබට කරවිල පානයක් සකස්කර වුවත් පානය කරන්නට පුළුවන්. අද වන විට බාහිර ඖෂධයක් ලෙස වෛද්‍ය උපදෙස් මත කරවිල යුෂ අතිරේකයන් ලබා ගන්නටත් පුළුවන්.

 


The Author

TeamFront

A blog scientist by the mind and a passionate blogger by heart ❤️. Fountainhead of Taukanna (Award winning blog), speaker at various international forums. Life motto: Live while you can! Teach & inspire while you could & Smile while you have the teeth.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ටෞකන්න | Taukanna | Sinhala Instant Articles | Taukanna.com © 2017
error: Content is protected !!